2010 සැකසුම් ප්‍රමිති සමගින් පුද්ගල වසම සඳහා ප්‍රමිති වැඩි දියුණු කරන ලදී.

තෝරාගැනීමේ තාර්කිකත්වය

මෙම වසමට අදාළ ‍තොරතුරු වෙනත් කව‍ර හෝ තොරතුරු වසමකට වඩා රජයේ ආයතන බොහෝ ගණනාවක් හරහා ගමනය වෙයි. පුද්ගලයකුගේ උප‍තේ සිට මරණය දක්වා ජීවිතය පුරාම නිල අවශ්‍යතා සඳහා පුරවැසියන්, රජය මෙන්ම ව්‍යාපාරික ආයතන මෙම දත්ත භාවිතා කරයි.

ව්‍යාපාති හිමිකරු

ලේකම්, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

විෂයපථය සහ සීමාව

විෂයපථය

පුද්ගල වසම තුළ තොරුතුරුවල අන්තර්ක්‍රියාකාරී හැකියාව.

සිමාව

පුද්ගලකුගේ උපතේ සිට උත්පාදනය වන තොරතුරු එම තැනැත්තාගේ මරණය දක්වා පවත්වාගෙන යාම.

පාලනය

  • ප්‍රතිපත්ති කමිටුව
  • මෙහෙයුම් කමිටුව

පාර්ශවකරුවෝ

  1. ජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  2. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව
  3. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
  4. ආගමන හා විගමණ දෙපාර්තමේන්තුව
  5. අධ්‍යක්ෂ ජෙනරාල්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
  6. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
  7. මැතිවරණ දෙපාර්තමේන්තුව
  8. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව
  9. විභාග දෙපාර්තමේන්තුව
  10. මහ බැංකුව
  11. කම්කරු දෙපාර්තමේන්තුව
  12. පොලිස් දෙපාර්තමේන්තුව
  13. තැපැල් දෙපාර්තමේන්තුව
  14. ශ්‍රි ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (තො.ස.තා.නි.)

නිමැවුම්

පුද්ගල වසම සඳහා වූ දත්ත ප්‍රමිතීන් සඳහා පිවිසෙන්න

ව්‍යාපෘති සම්බන්ධීකරණ වසම සඳහා ප්‍රමිති 2009 වසරේදී සම්පූර්ණ කරන ලදී.

තෝරාගැනීමේ තාර්කිකත්වය

රජය තුළ පමණක් නොව දේශීය සහ විදේශීය ආධාර නියෝජිතායතන අතර දත්ත හුවමාරු වන මෙම වසම තෝරා ගැනීම පිණිස නායකත්වය ලබාදීම වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කිරී‍මේ අමාත්‍යාංශයේ ‍එවකට සිටි ලේකම් වන ආචාර්ය ධාරා විජේතිලක මහත්මියට ගෞරවය හිමිවිය යුතු වේ. විදේශ අරමුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති ආශ්‍රිත ආයතන හරහා හුවමාරුවන තොරතුරු සඳහා ප්‍රමිතියක් අර්ථ නිරූපණය කිරීම ව්‍යාපෘති කළමනාකරණයද/අධීක්ෂණයේදී රජයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වේ.

ව්‍යාපෘති හිමිකරු

ලේකම්, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය (වත්මනෙහි භාණ්ඩාගාර සහ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්)

විෂයපථය සහ සීමාව

විෂයපථය

සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධීකරණ (විදේශීය අරමුදලින් ක්‍රියාත්මක) වසම තුළ තොරතුරු අන්තර්ක්‍රියාකාරීත්වය

සීමාව

ශ්‍රී ලංකා රජය සහ සංවර්ධන පාර්ශවකරු/කරුවන් අතර ව්‍යාපෘති ගිවිසුම අත්සන් කරනු ලබන අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමේ සිට ව්‍යාපෘතිය නිමාවන තෙක් හෝ නවතා දමන තෙක් ඒ පිළිබඳ සියලු තොරතුරු.

පාලනය සහ පාර්ශවකරුවන්

  • සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය
  • විදේශීය ආධාර ආයතන විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති සහිත අනෙකුත් සියලු රේඛීය අමාත්‍යාංශ
  • විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
  • ජාතික අයවැය දෙපාර්තමේන්තුව
  • ශ්‍රි ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන සියලු ආධාර නියෝජිතායන

නිමැවුම

* කලින් පැවති ප්‍රමිති සඳහා මෙතැනින් පිවිසෙන්න

Scroll To Top